Latestදේශීයමතවාද

ආපු තැන නෙමෙයි වැදගත් – ඇවිල්ලා ඉන්න තැන

අප්‍රිකාවෙන් සහ තවත් ප්‍රදේශ වලින් ඇමෙරිකාවේ වැවිලි ආර්ථිකයට පවත්වාගෙන යන්න කසපහර දිදී බලෙන් ඇමෙරිකාවට ඇදගෙන ආව කළු ජාතික වහල්ලු අතිවිශාල පීඩනයක් සහ වන්දියක් ගෙව්වා තමයි. හැබැයි අද මුළු ලෝකෙම කතා කරන ෆ්‍රාන්ස් ෆැනොන්, මාටින් ලූතර් (ජූනියර්) මොහොමඩ් අලි වගේ මිනිස්සු කවදාවත් කතා කළේ නැහැ ආපහු අප්‍රිකාවට යන්න. මේ නරක ඇමරිකාව දාල ආපහු ගිහිල්ල අප්‍රිකාවේ තිබ්බ ඇත්ත ලස්සන හොයන්න.

ඒ වෙනුවට එයාල කලේ ඇමෙරිකාව තමන්ට හමුවෙච්ච අළුත්ම භූමියක් (new universe) හැටියට එකහෙලාම පිළිගත්ත එක. එයාල ආපහු අප්‍රිකාව ගැන සින්දු කිව්වේ නැහැ. චක් බෙරි ල, බී. බී. කිං ල, ලිට්ල් රිචඩ් ල, බඩි ගයි ල සිංදු කිව්වේ ඇමෙරිකාව ගැන, ලුයිසියනා ගැන, බ්ලුබේරි හිල්ස් ගැන, කොට්න් ෆීල්ඩ් ගැන. අලුතෙන් ලෝකෙට ආපු ගුවන් යානා, කෝච්චි, නැව් ගැන.

එයාලගේ වේදනාව කියන්න බ්ලුස්, ජෑස්, රොක් පාවිච්චි කළා. හැබැයි ඒ දියුණුම නගරවල නයිට් ක්ලබ් වල. ස්ටුඩියෝ වල. ඕපන් එයා තියටර් වල.

අන්තිමට එයාලගේ සිංදු ලෝකය පුරා ප්‍රචලිත උනේ ලෝකේ හොඳම නිෂ්පාදන ඇල්බම් හරහා. ෆැනොන්ලගේ පොත් මුද්‍රණය කලේ ලෝකේ හොඳම ප්‍රකාශකයෝ. මොහොමඩ් අලි නතර උනේ ලෝකේ යන්න පුළුවන් ඉහලම ප්‍රේක්ෂකාගාර වලට ගිහිල්ලා.

ආපු තැන නෙවෙයි වැදගත්. ඇවිල්ල දැන් ඉන්න තැන.

අළුත් භූමිය නිර්දය පීඩනයක් අරන් එන්න පුළුවන් තමයි. හැබැයි එතැන තමයි තැන. වෙනත් තැනක් නැහැ ඒ තැන හැර. ආපු තැනට ආපහු ගිහිල්ල හොයන්න තරම් ලෝකයක් දැන් එතැන නැහැ.

එහෙම කිව්වේ අප්‍රිකානු ඇමෙරිකානු සම්භවයෙන් බිහිවුණ විශිෂ්ටම ගෝලීය සටන්කාමියා වියහැකි මැල්කම් X.

වැටෙන හැම තැනකම අපි නැගිටින්න ඉගෙන ගන්න ඕනි වැටි වැටි නැගිටපු මැල්කම් X ලගේ පරම්පරාවෙන්. අලුත් ලෝකය ප්‍රතික්ෂේප නොකරපු හැබැයි ඒ අලුත් ලෝකේ තිබ්බ අගතීන්ට එරෙහිව සටන් කරපු සටන් කරුවන්ගෙන්.

මහේෂ් හපුගොඩ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *