Latestදේශීය

සුසිල්ට හූ වැස්සක්

අධ්‍යාපන හා උසස් උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හූ තබා විරෝධතා පළ කර තිබේ.

එම විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය මන්ඩපයේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත.

සිසුන් සඳහන් කර ඇත්තේ මෙම ගොඩනැගිල්ල තවමත් වැඩ අවසන් නොවූ එකක් බැවින් දේශපාලන අවශ්‍යතා මත විවෘත කිරීමට ඉඩ දිය නොහැකි බවය.

සිසුන්ගේ විරෝධතාවය එල්ල වීමත් සමඟ අමාත්‍යවරයා ආපසු හැරී ගොස් ඇති අතර විශ්ව විද්‍යාලයේ ගේට්ටු වසා දැමුවද සිසුන් ඉන් එළියට ද පැමිණ විරෝධතාවයේ යෙදී ඇත.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *