Latestදේශීය

හිටපු ජනාධිපතිවරයා මෙරටට පැමිණීම පමාවෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද(24) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණද ඔහුගේ පැමිණීම තවත් සති දෙකක් පමාවනු ඇතැයි රොයිටර් පුවත් සේවය පවසනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ලබන සැප්තැම්බර් මස මුල් සතිය වනතුරු තායිලන්තයේ රැඳී සිටිනු ඇති.

තායිලන්තයේ රැඳී සිටීම සඳහා වැය වන අධික වියදම් හේතුවෙන් ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණීම ඉක්මන් කිරීමට හේතුවී ඇතැයි ද රොයිටර් පුවත් සේවයේ සඳහන් කර ඇති අතර මෙරට ආරක්ෂාව තහවුරු කළහොත් ඊට පෙර වුව ද හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.

මේ අතර හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සහ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අත්සනින් යුතු ලිපියක් වත්මන් ජනාධිපතිවරයා වෙත යවමින් සඳහන් කර තිබෙනවා.

ඕනෑම පුරවැසියෙකුට ආපසු සිය රටට පැමිණීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති කරුණු උපුටා දක්වමින් කොමිසම ජනාධිපතිවරයාට යැවූ ලිපියෙන් සිහිපත් කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?