Latestදේශීය

නොරෝච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යලි සක්‍රීය කෙරේ

පසුගිය දා නොරෝච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ  බටයක සිදුවූ පුපුරා යාමක් හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට සිදු වූ අතර මේ වනවිට එහි අලුත්වැඩියා කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව එහි මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළා.

ලබන සඳුදා(29) වන විට නොරෝච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

මෙම ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ද නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ වනවිට අක්‍රිය කර තිබෙන අතරඑම ජනන යන්ත්‍රය අක්‍රියවීමෙන් ජාතික විදුලි බල පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 270 කි.

මේ අතර විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ ජල විදුලි උත්පාදනය මේ වනවිට පවතින්නේ  50% ලෙසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *