ක්‍රීඩා

පොදුරාජ්‍යමණ්ඩලීය පදක්කම් දිනු යුධ හමුදා ක්‍රීඩකයින්ට මුදල් ප්‍රධාන

පසුගියදා එංගලන්තයේ බර්මිංහැම් නුවරදී අවසන්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනු පාලිත බණ්ඩාර සහ වයි.ඩී.අයි කුමාර ඊයේ පැවති උත්සවයකදී හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ ඇගයීමට ලක්වුණා.

පැරා කවපෙත්ත විසිකිරීමේ තරඟ ඉසව්වෙන් (F42-44/61-64 කාණ්ඩයේ) රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර සහ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ බරඉසිලීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් කෝප්‍රල් වයි.ඩී.අයි කුමාර ඉයේ (24) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූනා. එහිදී ඔවුන් වෙත මූල්‍යමය දිරිගැන්වීම් ප්‍රදානයක් සිදුකල බව හමුදා මාධ්‍යඅංශ ප්‍රකාශ කලා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා මලල ක්‍රීඩා, බර ඉසිලීම, පැරා කවපෙත්ත විසිකිරීම සහ අනෙකුත් ක්‍රීඩා තරඟ ඉසව් සඳහා යුද්ධ හමුදා ක්‍රීඩකයින් 37 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී පැරා කවපෙත්ත විසිකිරීමේ තරඟ ඉසව්වේ F42-44/61-64 කාණ්ඩය යටතේ මීටර් 44.20 ක දුරක් වාර්තා කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සැරයන් එච්.ජී.පාලිත බණ්ඩාර රිදී පදක්කමද, 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර බරඉසිලීමේ තරගවල කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වදිමින් ඉසිලීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගත්තා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?