Latestදේශීය

බිත්තර මිල අඩු වෙයි

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළෙඳ ඇමැතිවරයා අතර පැවති සාකච්ඡවකට අනුව අද (25 ) සිට බිත්තරයක් රුපියල් 50කට අලෙවි කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව සුදු සහ දුඹුරු බිත්තර දෙවර්ගයම එම මිලට අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය.

සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 19 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 49යි ශත 50ක මුදලක් වැයවන අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර ඇති මිල ගණන් යටතේ බිත්තර අලෙවි කිරීමට නොහැකි බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පසුගියදා සඳහන් කෙරිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?