Latestදේශීය

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

පසුගිය දිනවල අක්‍රිය වී පැවැති නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු වලින් පසු යළිත් ජාතික පද්ධතියට එක්කර තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

නොරොච්චෝලේ බලාගාරයෙන් මේ වනවිට ජාතික පද්ධතියට මෙගාවොට් 600ක පමණ ධාරිතාවක් එක් කරන අතර. අක්‍රීයව පවතින , බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුවන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ අතර මහජන උපයෝගිතා කොමිසම(PUCSL) විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට දැනුම් දී තිබෙන්නේ නොරොච්චෝලේ අක්‍රිය වී තිබූ පළමු ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කිරීමත් සමග දෛනික විදුලි කප්පාදුව අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම් දෙන ලෙසයි.

මේ වනවිට දෛනික විදුලි ජනනයෙන් 50% ක්ම උත්පාදනය කෙරෙන්නේ ජල විදුලියෙන් වන අතර දෛනිකව පැය තුනක කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?