Latestදේශීය

ගොවි ජනතාව වෙනුවෙන් ආධාර මුදලක්

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අමෙරිකානු නියෝජිත ආයතන ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (10) පෙරවරුවේ ජා ඇල, ඒකල ප්‍රදේශයේ ගොවි ජනතාව මුණ ගැසී සාකච්ඡා පැවැත්විය.

එහිදී ගොවි ජනතාව සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා අමතර අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ආධාර මුදලක් ලබාදීමට පියවර ගන්නා  බව සමන්තා පවර් මහත්මිය පැවසුවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් ගොවි ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටලු පිළිබඳව සහ ඒ සඳහා අමෙරිකාවේ සහාය ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීම අමෙරිකානු නියෝජිතවරියගේ මෙම සංචාරයේ එක් අරමුණක්.

එහිදී ඔවුන්ගේ ගැටලු විමසා බැලීමෙන් අන්තුරුවයි සමන්තා පවර් මහත්මිය ප්‍රමුඛ සිව්දෙනෙකුගෙන් සමන්විත අමෙරිකානු දූත පිරිස පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම වෙනුවෙන් මෙම ආධාර මුදල ලබාදෙන බවට ප්‍රකාශකර ඇත්තේ.

එතුමිය හෙට(11) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?