ක්‍රීඩා

ද.අප්‍රිකානු ප්‍රවීණයින්ට ලකුණු 166ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායම් අතර රෝඩ් සේෆ්ටි වර්ලඩ් සීරීස් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අද තරගය මේ වනවිට ඉන්දොර්හිදී පැවැත්වෙයි.

තරගයේ කාසියේ දිනූ දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමේ නායක ජොන්ටි රෝඩ්ස් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව දෙන ලදි.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 දැවී ලකුණු 165ක් රැස් කළහ.

එහිදී ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ කණ්ඩායම වෙනුවෙන් උපුල් තරංග ලකුණු 36ක් ද ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 43ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ගාර්නට් කෘගර් කඩුලු 2ක් දවාගත් අතර වර්නන් ෆිලැන්ඩර් සහ ජොහාන් බෝතා එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ඒ අනුව, තරගයේ ජයග්‍රහනය සඳහා දකුණු අප්‍රිකානු ප්‍රවීණයින්ගේ කණ්ඩායමට ලකුණු 166ක ඉලක්කයක් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?