Latestවිදේශීය

රාජාණ්ඩු අහෝසි කිරීම ඉල්ලා සිටින බ්‍රිතාන්‍යයේ තරුණ කොමියුනිස්ට් සංගමය

බ්‍රිතාන්‍යයේ තරුණ කොමියුනිස්ට් සංගමයේ මධ්‍යම කාරක සභාව එලිසබෙත් වින්ඩ්සර් හෙවත් දෙවන එලිසබෙත් රැජිනගේ මරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර වශයෙන් පහත ප්‍රකාශය නිකුත් කර ඇත.
එලිසබෙත් වින්ඩ්සර්ගේ මරණය අපගේ පරම්පරාවට සහ බ්‍රිතාන්‍යය පුරා වැඩ කරන ජනතාවට අවධාරණය කරන්නේ රාජාණ්ඩුව අහෝසි කිරීම දැඩි හා වැදගත් ප‍්‍රශ්නයක් ලෙස පවතින බවයි.

බ්‍රිතාන්‍යය නවීන ජනරජයක් බවට පත් විය යුතු බව වෙන කවරදාටත් වඩා දැන් මූලික වශයෙන් පැහැදිලිය. දිරාපත් වන වංශාධිපතිත්වයේ කුඩා අන්තර් අභිජනන නිකායකට බ්‍රිතාන්‍යයේ වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා පිළිබිඹු කළ නොහැක.

ධනවත්,ජනතා නියෝජනයක් නොමැති, තේරී පත් නොවූ රාජ්‍ය නායකයෙකු පැනවීම සියලු වැඩ කරන ජනතාවට පිළිකුලකි. නමුත් මෙය වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමානාත්මතා මූලධර්ම පිළිබඳ කාරණයක් පමණක් නොවේ.

මෙම රාජාණ්ඩුව බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සහ පාලනය පවත්වාගෙන යාම සඳහා එහි උපකරණයේ වැදගත් සංකේතයක් සහ මෙවලමක් ලෙස දිගටම පවතී.

ඊට පටහැනිව සියලු කතා තිබියදීත්, ආන්ඩු තෝරා ගැනීම ඇතුළු බි‍්‍රතාන්‍යයේ ව්‍යවස්ථාව යටතේ රාජාණ්ඩුව සැලකිය යුතු බලයක් දිගටම පවත්වා ගෙන යන අතර එය එලෙසම පවතින අතරතුර ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ ප්‍රගතියට සදාකාලික අනතුරක් වනු ඇත.

රාජකීය පවුලේ ධනය සහ ක්‍රවුන් වතු, බ්‍රිතාන්‍යය පුරා ඇති විශාල ඉඩම් හා සම්පත්, මේ රටේ වැඩ කරන ජනතාවගෙන් සහ බ්‍රිතාන්‍යයේ යටත් විජිතවල පීඩිත හා සූරාකෑමට ලක් වූ ජනතාවගෙන් සියවස් ගණනාවක් සොරාගත් ධනයයි.

බ්‍රිතාන්‍යයේ පමණක් නොව, විවිධ පැරණි යටත් විජිතවල රාජ්‍ය නායකයා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස රජතුමාගේ තනතුර ලොව පුරා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පවත්වාගෙන යාම සඳහා වැදගත් සංකේතාත්මක හා දෘෂ්ටිවාදී කාර්යභාරයක් ඉටු කරයි.

බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සහ ඒකාධිකාරී මාධ්‍ය දැනටමත් එලිසබෙත් වින්ඩ්සර් ‘වෙහෙස නොවන රාජ්‍ය සේවිකාවක්’ ලෙස ශාන්තුවරයට පත් කර ඇත. ඔබ වසර 96ක් මෙලොවදී එක දවසක්වත් වැඩ නොකිරීම සහ දුප්පත්කමෙන් වට වී සෑම දිනකම අනුන්ගෙ ධනයෙන් ජීවත් වීම සහ එය වෙනස් කිරීමට කිසි විටෙකත් කිසිවක් නොකිරීමට කිසිවෙකුට රාජ්‍ය සේවය ලෙස අර්ථ දැක්විය නොහැක.

එලිසබෙත් වින්ඩ්සර් කිසි විටෙකත් බ්‍රිතාන්‍යයේ වර්ගවාදී යටත් විජිත අධිරාජ්‍යය විවේචනය කළේ නැත. ඇය කිසිවිටකත් තම කුප්‍රකට ජාතිවාදී ස්වාමිපුරුෂයා විවේචනය කර හෝ සමාව අයැද සිටියේ නැත. බි‍්‍රතාන්‍ය රාජ්‍යයේ අවශ්‍යතා වෙනුවෙන් ඒකාධිපතියන් සමඟ ඇසුරු කිරීමෙන් ඇය කිසිවිටෙක පසුබට වූයේ නැත. ඇය මහජන මුදල් යොදවා තම ළමා දූෂිත පුත්‍රයාගේ නීත්‍යානුකූල ආරක්ෂාව සඳහා අරමුදල් යෙදුවාය.

එලිසබෙත් වින්ඩ්සර් යනු පුරාණ, දූෂිත සහ ජාතිවාදී ආයතනයේ සංකේතයකි. ඇයගේ පාරම්පරික සහ පාලනය නොකළ බලයේ සහ ධනයේ උඩඟුකම ද වේ.

බි‍්‍රතාන්‍යයේ පාලක පන්තිය, රාජ්‍යය සහ මාධ්‍ය හරහා, ඊනියා ජීවන වියදම් අර්බුදයෙන් සහ නැගී එන කාර්මික සටන්කාමීත්වයෙන් අවධානය වෙනතකට යොමු කිරීමට සහ වැඩ වර්ජන ක්‍රියාමාර්ගවලට වල කැපීමට මෙම මරණය යොදා ගැනීමට උත්සාහ කරනු ඇත. පන්ති සහයෝගීතාව සඳහා යථාර්ථයේ ඉල්ලීම් වන ‘එක්සත්කම’ සහ ‘ගෞරවය’ සඳහා වන ඔවුන්ගේ කැඳවීම් සාර්ථක වීමට අපට ඉඩ දිය නොහැක.
එලිසබෙත්ගේ මරණය රාජාණ්ඩුවේම මරණය විය යුතුය.

බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට්වාදීන්ගේ ඉල්ලීම:

රාජාණ්ඩුව වහා අහෝසි කර එය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ රාජ්‍ය නායකයෙකු පත් කිරීම.

ක්‍රවුන් වතුයාය ජනසතු කිරීම සහ රජ පවුලේ පෞද්ගලික ධනය මහජන යහපත සඳහා පවරා ගනු.

බ්‍රිතාන්‍යයේ පැරණි යටත් විජිතවලින් රාජකීය පවුල විසින් සොරකම් කරන ලද සියලු ධනය නැවත බෙදා හැරීම සහ වන්දි ගෙවනු.

රාජාණ්ඩුව විසුරුවනු!
ජනරජයක් සඳහා!
සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය වෙනුවෙන්!

මධ්‍යම කමිටු
තරුණ කොමියුනිස්ට් ලීගය
9 සැප්තැම්බර් 2022
ලන්ඩන්, බ්‍රිතාන්‍යය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?