Latestදේශීය

ලෝක සංචාරක දිනය සැමරුම හබරණදී

කොවිඩ් වසංගත හා වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය යළි ගොඩ නඟා ගැනීම සඳහා සංචාරක අමාත්‍යාංශය හා ශ්‍රි ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ

2022 සැප්තැම්බර් 27 දිනට යෙදී ඇති ලෝක සංචාරක දිනයට සමගාමීව ප්‍රධාන උත්සවය සැපැතැම්බර් 26 හා 27 යන දෙදින හබරණ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම ප්‍රදේශයේ ඵෙතිහාසික ,සංස්කෘතික වටිනාකම් පිළිබඳව ලෝක හා ශ්‍රී ලංකාවේ ජනතාව දැනුම්වත් කර නැවත සංචාරක ආකර්ෂණය ලංකාව වෙත නතු කර ගැනීම මෙහි අරමුණ බව උතුරු මැද සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත බෝපගේ මහතා මාධ්‍යයට අඳහස් දක්වමින් පැවසීය

,මෙවර ලෝක සංචාරක තේමාව, “Rethinking Toursium”ලෙසින් නම් කර තිබේ.

උතුරු මැද පලාතේ ආකර්ෂණීම ස්ථාන ලෙස සීගිරිය,මින්නේරිය,කවුඩුල්ල,Eco park හා එම ප්‍රදේශයට ආවේනික,Tree house යන සංකල්පය යටතේ ඇති නවාතැන් දක්නට ලැබේ.

කෙසේ වුවද, උතුරු මැද පළාත දේශිය සංචාරකයින්ගේ කේන්ද්‍රස්ථානය වුවද විදේශ සංචාරකයින්ගේ පැමිණීම 3%ක් පමණ අඩු අගයක් ගෙන තිබේ.මේ හේතුවෙන් එය ගොඩ නඟා ගැනිම මුලික අරමුණ බව වැඩිදුරටත් ඒ මහතා පැවසුවේය.

මේ සදහා හබරණ සංචාරක හෝටල් සංගමය,අනුරාධපුරය දිස්ත්‍රික් මාර්ගෝපදේශයන්ගේ සංගමය දායකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

2019 වසර වන විට මිලියන 1.3ක විදේශ සංචාරකයින් ලංකාවට පැමිණ අතර කොවිඩ් වසංගතය හමුවේ එය ඉතා අඩු අගයකට පත් විණි.ඉන්පසුව 2020 පලමු කාර්තුවේදි සංචාරකයින් 90,000කට ආසන්න ප්‍රමාණයක් පැමිණි අතර නැවත කොවිඩ් තත්ත්වය හේතුවෙන් එය 30,000දක්වා පහළ අගයක් දැක්විණි.

කෙසේ වුවද 2022 නැවතත් සංචාරකයින්ගේ පැමිණීම දක්නට ලැබුණ ද රටේ පැවැති අයහපත් වාතාවරණය හේතුවෙන් නැවත වතාවක් සංචාරකයින්ගේ පැමිණිම පහළ බැස තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?