Latestදේශීය

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්න නියෝග

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින සනත් නිශාන්ත මන්ත්‍රිවරයා අද දින (13) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණයට සහ මහේස්ත්‍රාත්වරුන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ලවී සිටින සනත් නිශාන්ත මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේ එම නඩු විභාගය කැදවූ අවස්ථාවේදී ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *