Latestක්‍රීඩා

ඔශිනි 10න් පහල ආසියානු චෙස් කිරුළ දිනයි

විචලි ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන ඔශිනි ගුණවර්ධන වයස අවුරුදු දහයෙන් පහල ආසියානු බාලිකා චෙස් කිරුළ ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

2021 වසරේදී අවුරුදු 10න් පහල (online) ලෝක ශූරතාවයටද උරුමකම් කියු ඔශිනි, වට නමයකින් සමන්විත ආසියානු තරගාවලියේ අටවන වටය වනවිටම ශූරතාවය තමන් සතුකරගැනීමට සමත්වුණා. කාණ්ඩ 12ක් යටතේ තරගකරුවන් 451ක් තරගවැදුනු මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ බාලි නගරයේයි. එම තරගාවලිය අද අවසන් වීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?