Latestදේශීය

අරගලය ජීවමානයි – වසන්ත සමරසිංහ

09 වෙනිදා දිනය මෙරට දේශපාලන ඉතිහාසයේ රටට ජයග්‍රහණය ගෙනාපු දවස වගේම 27 කියන්නේ අරගලයේ දෙවන ජනතා ජයග්‍රහන ගෙන එන අරගලය සනිටුහන් වන දිනය බව වසන්ත සමරසිංහ මහතා පවසනවා. අද (27) හයිඩ් පිටියේ පැවති ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාරයේ ජන රැලිය අමතමින් සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ රටේ ගොවි සංගම්, ධීවර සංගම්, ගෝල්ෆේස් අරගලකරුවෝ, ශිෂ්‍ය සංගම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, බස්රථ සංගම් ඇතුළු සියලු දෙනාගේ ප්‍රශ්ණ එකක් බවයි.

රටේ ගොවි ජනතාවගේ ගැටළු සංකීර්ණ වනවිට රනිල් ප්‍රශ්ණය වටේ කැරකි කැරකි සිටින බව පවසන සමරසිංහ මහතා බෝට්ටු 1500ක් තියෙන වරායවල් වලින් දවසකට මුහුදු යන්නේ බෝට්ටු 60ක් 70ක් පමණක් බවත් වැඩිදුරටත් පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා පැවසුවේ අධ්‍යාපනය විකිණෙන්න දීලා, සෞඛ්‍ය වැටෙන්න දීලා සියලු ක්ෂේත්‍ර කඩාවැටිලා තියෙන වෙලාවක රනිල් වික්‍රමසිංහ කියන්නේ ප්‍රශ්ණවලට උත්තර විදියට රටේ සම්පත් විකුණන්න අවශ්‍ය බව වුනත් මහබැංකුව හොරා කාපු රනිල් රාජපක්ෂ නඩුවලින් නිදහස් වෙලා රට තවත් විනාශ කරන්න උත්සාහ කළත් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය මූළිකව රනිල් රාජපක්ෂ එලවන සටන ජයග්‍රහණයෙන් මෙපිට ආපසු හරවන්නේ නැති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?