බැසිල්ට වූ දෙයින් කපුටු රංචුව පීඩාවෙන්.. අයවැයෙන් පලිය ගනී..
ද්විත්ව පුරවැසිභාවය නිසා බැසිල් රාජපක්ෂ මහතාට අත්වූ ඉරණම නිසා බැසිල් රාජපක්ෂ මහතා වටා සිටි කපුටු රංචුව බරපතළ පීඩාවකට ලක්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ඔවුන්ගේ පීඩනය ඉදිරි අයවැයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය හැකි බවද හෙතෙම පැවසීය.
අයවැය ජනතාවට බර පැටවෙන අය-වැයක් වනු ඇති බවද පැවසූ ඔහු අලි පොහොට්ටු ආණ්ඩුව දිනෙන් දින ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය හීන කරමින් සිටින බවද පැවසීය.
ඊට එරෙහිව විපක්ෂ සටන් පෙරමුණක් ගොඩ නැගීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

