Latestවිදේශීය

කෞතුකාගාරයක් තුල නිර්මාණාත්මක විරෝදතාවක නිරතවූ දෙදෙනෙකුට නෙදර්ලන්තයේදී සිරදඬුවම්

අපූරු විරෝදතාවක නිරතවූ බෙල්ජියම් ජාතික දේශගුණික විපර්යාස ක්‍රියාකාරීන් දෙදෙනකුහට නෙදර්ලන්ත අධිකරනයක් විසින් අදදින සිරදඬුවම් නියම කරනු ලැබූවා.
‘Just Stop Oil Belgium’ නම් කන්ඩායමේ සාමජිකයින් දෙදෙනකු හට එම අධිකරනය විසින් මාස දෙකක සිරදඬුවම් එක මසක් අත්හිටුවා ලබා දෙනු ලබුවේ එරට කෞතුකාගාරයක් තුල තිබූ සං‍රක්ශිත සිතුවමකට අලාබ හානි කිරීමට තැත්කරමින් කරන ලද වීඩීයෝවක් නිර්මාණය කිරීම හේතුවෙන්.
බොහෝ වාර ගනණක් සංසරණයවූ එම වීඩියෝවෙහි මිනිසකු අදාල සං‍රක්ෂිත සිතුවමට හිස ගසාගෙන සිටිනු දක්නට ලැබෙන අතර තවත් කෙනෙක් ඔහුගේ කමිසයට තක්කාලි සෝස් වත්කොට තම අතින් එම පින්තූරය ස්පර්ශ කරන අකාරය දක්නට ලැබෙනවා. 
“ඔබේ ඇස් ඉදිරිපිට ලස්සන හා මිල කළ නොහැකි දෙයක් පැහැදිලිවම විනාශ වී යන විට ඔබට හැඟෙන්නේ කෙසේද? ඔබට කෝපයක් දැනෙනවාද? අපේ ඇස් ඉදිරිපිටම මේ ග්‍රහලෝකය විනාශ වෙනවා දකින විට ඒ හැඟීම කොහිද?" යනුවෙන් ඔවුන් මෙම වීඩියෝවේ හි ප්‍රශ්න කරනු ලබනවා.
"මේ චිත්‍රය වීදුරු වලින් ආරක්‍ෂා කරලා තියෙනවා, ඒක හොඳයි,". "ගෝලීයව අවදානමට ලක්විය හැකි මිනිසුන් එසේ ආරක්ෂා කර නැහැ. අපේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කර නැහැ," යනුවෙන්ද ඔවුන් සඳහන් කරනවා.
මේ පිලිබඳ ව එම කෞතුකාගාරය නිවේදනයක් මගින් පැවසුවේ 17වන සියවසේ විශිෂ්ට කලා කෘතියට  මෙම සිදුවීම නිසා හානිවී නොමැති බවත්, එය පසුදා මහජන දර්ශනය සඳහා නැවත ලබා දුන් බවත්ය. කෙසේ වෙතත්, විරෝධතාවයේදී මෙම කෘතියේ රාමුවට හානි සිදුවී ඇති බව නෙදර්ලන්ත රජයේ නඩු පවරන සේවාව පවසා තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කල, නඩු පවරන්නන් කියා සිටියේ තමන්ට මෙම ක්‍රියාවේ නිරතවූවන්ට සංඥාවක් යැවීමට අවශ්‍ය වූ බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?