Latestදේශීය

ශ්‍රී ලංකාව මන්කි ෆොක්ස් අවධානමකද

මන්කි ෆොක්ස් හෙවත් වදුරු උණ වැළඳුණු ශ්‍රී ලාංකිකයකු පසුගිය 03 වැනිදා මෙරටින් හමුවීමත් සමග සමාජය තුළ ඒ පිළිඳව දැඩි අවධානයක් මතුවී තිබෙනවා.

මෙම රෝගය වැළඳුණු තරුණයා පසුගිය 01 වැනිදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර දැනට ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේවනවිට ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් ඇති බව වාර් තා වේ.

මේ අතර  වදුරු උණ රෝගය වැළදුණු අයෙකුට තමාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුලින්ම රෝගය පාලනය කරගැනීමට හැකියාවක් පවතින බවට ද මතයක් ඇති වී තිබෙනවා.වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ රෝගය සදහා නිශ්චිත ප්‍රතිකාරයක් වෙනුවට රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර ලබාදිම සිදුකරන බවයි.

කෙසේ නමුත් මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ දැනට තිබෙන තත්වය මත  මෙම පුද්ගලයා හරහා දැනට  අප රටේ ප්‍රජාවට රෝගය බෝවීමේ ඉඩකඩක් නොමැති බවයි.

මෙම වසරේ මැයි මාසයේ සිට මන්කිෆොක්ස් වෛරසය ලොවපුරා ව්‍යාප්ත වීම ආරම්භ වූ අතර දකුණු ආසියාතික රටවල් වලින් මෙම වෛරසය අසාදිත රෝගීන්  23 දෙනෙකු පමණ මේ වනවිට  වාර් තා වී ඇති අතර ඉන් එක් අයෙකු පමණක් මියගොස් තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?