Latestක්‍රීඩාවිදේශීය

ඉන්දියාව සහ පකිස්තානය T20 ලෝක කුසලාන අවසන් කණ්ඩායම් හතරට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී අවසන් පූර්ව ස්ථාන තහවුරු කර ගනීමට පකිස්තානය සහ ඉන්දියාව අද සමත්වුණා. ඒ පිළිවෙලින් බංගලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩයම් පරාජයකරමින්.

කණ්ඩායම් වටයේ තරගවල අවසන් දිනයේ දී බංගලාදේශය පරදවා 2 කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වූ පාකිස්තානය දැන් නොවැම්බර් 9 බදාදා 1 වන අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය සමඟ සිඩ්නි ක්‍රිකට් පිටියේදී තරග වැදීමට නියමිතයි. ඉන්දියාව සිය තරඟ පහෙන් හතරක් ජයග්‍රහණය කිරීමෙන් පසු 2 කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වූ අතර නොවැම්බර් 10 බ්‍රහස්පතින්දා 2 වන අවසන් පූර්ව තරඟයේදී එංගලන්තය සමඟ ඇඩිලේඩ් ඕවල් පිටියේ ක්‍රීඩා කිරීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?