Latestදේශීය

උද්දච්ඡ ආන්ඩුව ගෙදර යවනවා – ටෙරන්ස් රොද්‍රිගෝ

බදු බරට, බඩු මිළට, මර්දනයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ “අඬහැරය” ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය මේ වන විට සාර්ථකව රට පුරා සිදු කරමින් පවතින බවයි එම සංවිධානයේ වැඩබලන කැදවුම්කරු ටෙරන්ස් රොද්‍රගො මහතා පවසන්නේ.

රටේ ජනතාව‌ගේ දැවෙන ප්‍රශ්ණ හමුවේ ජනතාව අතරට යමින් සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට මෙන්ම බහුජන ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ජනතාව ආමන්ත්‍රණය කරමින් සිටින නියෝජිතයින්ට ජනතාව පවසමින් සිටින්‌නේ ජීවන බර දරාගැනීමට නොහැකි බවත් දරුවන්ගේ අනාගතය පිළිබදව මහත් බියක් වේදනාවක් තම හදවත්හී වෙලා ගෙන ඇති බවත් ඉක්මනින් වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කරගත යුතු බවත්ය. ඒ සදහා හැකි අයුරින් තමන් ද  දායකවීමට ජනතාව එකගතාවය ඵලකරමින් සිටින බව පැවසූ ටෙරන්ස් මහතා ජනතාව සමගින් එක්වී 09 වනදා ‌(හෙට) රටපුරා දැවැන්ත ජාතික  විරෝධතාවයක්  ක්‍රියාත්මක කරන බව පවසනවා.

ආර්ථික අර්බුධවලින් පීඩාවට පත්වී සිටින ජනතාගේ ජීවිත වලට අත්‍යාවශ්‍ය විසදුම් ලබා දී ජනතාවගේ මුවට  සිනහව සතුට කැන්දනවා වෙනුවට ආන්ඩුවේ ගජමිතුරු කල්ලියකට වාංචනිකව ජනතාවගේ ජීවිත මංකොල්ල කන්න ඉඩ දී ලාභ රේට්ටුව තරකරගැනීමට ක්‍රියාකිරීම නිසා අද වන විට මේ රටේ සුවසහක් මව්වරු, පියවරු වේදනාවෙන් මිරිකෙමින් ජීවිත ගෙවා දමන යුගය අවසන් කළ යුතු බව ටෙරන්ස් මහතා වැඩිදුරටත් පවසනවා.

වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් ඇතුළු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි අනීතික පනත් මගින් අත්අඩංගුට ගෙන සිටින සියලුම සිරකරුවන් නිදහස් කරගැනීමෙන් එමෙන්ම ජනතාවගේ දැවෙන ප්‍රශ්ණවලට ස්තිරසාර විසදුම් ලබා ගැනීමෙන්  මෙපිට තම සටන අත් නොහරින බව පවසන ටෙරන්ස් රොද්‍රිගෝ මහතා මේ දක්වා ආන්ඩුවට රටේ ජනතාවගේ මූළික අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ හඩ නැගීම අවබෝධකරගෙන නැතිනම් ආන්ඩුවට දැනෙන්න සහ ආන්ඩුවේ උද්දච්ඡකම පුපුරවන්න ඉදිරියේ උපරිම මැදිහත්වීම කරන බව අවධාරණය කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?