Latestදේශීය

අයි එම් එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයි? – ලක්ෂ්මන් කිරිඇල්ල

‘අපිට අයි,එම්,එෆ් ගිවිසුම නැතිව අයවැයක් කතා කරන්න පුළුවන්ද ? අයි,එම්,එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට වහාම ඉදිරිපත් කරන්න.ගිවිසුම නැතිව අගලක් ඉස්සරහට යන්න බැ’ ඊ‌යේ (09) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පල කර සිටියේය.

‘මේක මුලු පාර්ලිමේන්තුවටම බලපාන ප්‍රශ්නයක්.පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ ඔබතුමාට .මම දැක්කා පසුගිය දවස් වල ඔබ තුමාටත් චොදනා කරලා තිබ්බා පාර්ලිමේන්තුවේ වැඩ හිමින් කියලා. ඔබතුමා අද පුවත් පතකට හොද පිළිතුරක් දිලා තිබුනා ඇයි පාර්ලිමේන්තුවේ වැඩ සෙමින් කියලා.මොකක්ද කියලා තිබ්බේ? විපක්ශය ඉල්ලන තොරතුරු ආණ්ඩුව ඉක්මනින් ලබා දෙන්නේ නැති නිසා කියලා.

දැන් විපක්ශය මාස කිහිපයක් තිස්සේ අයි,එම්,එෆ් ගිවිසුම ඉල්ලනවා.නමුත් ආණ්ඩුව තවමත් මෙ ගිවිසුම ඉදිරිපත් කරලා නැ අපට .මෙ මාසේ තුල කරන වැඩ රදා පවතින්නේ අයි,එම්,එෆ් ගිවිසුම මතයි .ලබන මාසේ අයවැය එනවා.එතකොට අපිට කියනවා ආංශික අධීක්ෂන කාරක සභා සහ අනෙකුත් කාරක සභා සදහා එන්න කියලා.ඇත්ත වශයෙන්ම අපි කොහොමද එන්නේ ?අපි ඉල්ලන අයි,එම්,එෆ් ගිවිසුම අපිට ලබා දෙන්නේ නැතිනම් .ආණ්ඩුව තමන්ගෙ වැඩ ප්‍රමාද කරලා ,ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙත් නැතිව අපිට චොදනා කරනවා පාර්ලිමේන්තුවේ වැඩ හිමින් කියලා.රජය තමයි වගකිම් පැහැර හැරලා තියෙන්නේ.කෝ අයි,එම්,එෆ් ගිවිසුම ??තව ආයතන කොච්චරක් ප්‍රතිව්‍යුහගත කරනවාද ? අපිට අයි,එම්,එෆ් ගිවිසුම නැතිව අයවැයක් කතා කරන්න පුළුවන්ද ? ඒ නිසා ආණ්ඩුව දැන ගන්න ඔනේ පාර්ලිමේන්තුවට තියෙන වගකිම ඉටු කරලා අයි,එම්,එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට වහාම ඉදිරිපත් කරන්න.ගිවිසුම නැතිව අගලක් ඉස්සරහට යන්න බැ’

– media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?