Latestවිදේශීය

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට දැඩි නීති

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට උද්‍යානවලට ඇතුළුවීම තහනම් කර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තලේබාන් පාලනය  එරට කාන්තාවන් තවදුරටත් සමාජීය ජීවන රාටාවෙන් ඈත් කරමින් මෙලෙස කාබුල් නුවර උද්‍යානවලට ඇතුළුවීම තහනම් කර ඇති බවයි. 

පසුගිය 2021 වසරේ  අගෝස්තු මාසයේදී  තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය  සියතට ගැනීමෙන් පසු එරට කාන්තා අයිතීන් සහා කාන්තාවන්ගේ නිදහස ඉතා දැඩි ලෙස සීමා කිරීමවලට ලක් කෙරිණ. 

තලේබාන් නීතිය යටතේ කාන්තාවන්ට  ඉරිදා, සඳුදා සහ  අඟහරුවාදා  උද්‍යාන වෙත ඇතුළු වීමට අවසර හිමි වූ අතර ඉතිරි දින 4 වෙන් කර තිබුණේ පිරිමි පුද්ගලයින් සඳහායි. 

කෙසේ වෙතත් නව නියෝගය යටතේ සමීපතම ඥාති පිරිමියෙකු සමග හෝ ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට උද්‍යාන සඳහා ඇතුළුවීමට අවසර හිමි නොවනු ඇති. 

තලේබාන් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, උද්‍යානවලට ඇතුළුවන ජනතාව නීතියට ගරු නොකිරීමේ හැසිරීම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.  මේ වනවිට කාබුල් අගනුවර සඳහා පමණක් පනවා ඇති මෙම නීතිය නොබෝ දිනකදීම අනෙකුත් නගර සඳහා පැනවෙනු විදෙස් වාර්තාවල සඳහන් ය. 

News 1st

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?