Latestදේශීය

ලක්ෂ 40ක් ජීවත්වීමට රජයෙන් ආධාර ඉල්ලනවා – රංජිත් සියඹලාපිටිය

පවතින ආර්ථික අර්බුදය යටතේ වුවද මෙවර ඉදිරිපත් කරන අයවැය සුභසාධන අයවැයක් බවත්, ජනතාව ජීවත්කරවමින් ආර්ථික වශයෙන් ස්ථීරසාර මඟකට ආරම්භයක් ලෙස 2023 යොදාගැනීම පදනම් කරගනිමින් ඉදිරිපත් කිරීමට සිදුවී ඇති බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙවර අය වැය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා මාධ්‍යයට අද (11 දින) අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,මෙවර ඉතාමත්ම අභියෝගාත්මක අය වැයක් ඉදිරිපත් කිරීමේ තත්වයට මුදල් අමාත්‍යවරයා මුහුණ දෙන බවත්, 2022 වර්ෂය ආර්ථිකය ගැඹුරු අගාධයකට ගමන් කළ වර්ෂයක් බවත්, සියයට ඍණ අටකට අධික ආර්ථිකයකට අප මුහුණ පා ඇති බවත්ය.

මේ වන විට ආහාර උද්ධමනය 90%කට අධික හා සාමාන්‍ය උද්ධමනය 70%කට ආසන්න බවත්, ප්‍රතිපත්තිමය පොලී අනුපාතය 30%කට අධික බවත්, අප ණය නොගෙවන රටක් ලෙස ලෝකයට ප්‍රකාශ කර ඇති බවත්, මුදල් අමාත්‍යවරයාට අය සහ වැය සම්බන්ධ පුරෝකථනය කිරීමට සිදුව ඇත්තේ එවැනි පසුබිමක් තුළ බවත් රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මේ වන විට මෙරට සිටින පවුල් ලක්ෂ 58කට අධික ප්‍රමාණයෙන් ලක්ෂ 40ක් පමණ ජීවත් වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලා ඇති බවත්, එය ඉතා බැරෑරුම් තත්වයක් බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?