Latestදේශීය

දුම්රියක ගැටී තරුණයෙක් ජිවිතක්ෂයට

හලාවත සිට කොළඹ කොටුව දක්වා පැමිණෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පෑ බව ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

අනතුර සිදුව ඇත්තේ කඳාන දුම්රියපොළ ආසන්නයේ අනාරක්ෂිත හරස් මාර්ගයකදීයි.

දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් නොමැති වීම බොහෝ අනතුරු සිදුවීමට හේතුව බවයි ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?