Latestදේශීය

රජය ඉදිකිරීම්කරුවන්ට ගෙවීම් සිදුකර නැහැ: ජාතික ඉදිකිරීම් සංගමය

රජය විසින් සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම්කරුවන් වෙත ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ගෙවීමට පොරොන්දු වූ සඳහා රුපියල් බිලියන 20ක මුදල මෙතෙක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.

පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව ගෙවීම් සිදුකර ඇත්තේ මහා පරිමාණ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ඉදිකිරීම්කරුවන්ට පමණක් බවත් සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම්කරුවන්ට අදාළ ගෙවීම් සිදුකිරීමට රජය පොරොන්දු වී තිබුණත් එම මුදල් මෙතක් ලබාදී නොමැති බවත් එම සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා සඳහන් කළා.

රජය සහ ඉදිකිරීම්කරුවන්ගේ සංගම් අතර පසුගිය මාසයේ පැවති සාකච්ඡාවකදී ඔක්තෝබර් මාසයේදී රුපියල් බිලියන 10ක් සහ නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 10ක් ලෙස ලබාදීමට එකඟවී ඇති අතර එම මුදල් මෙතෙක් ඔවුන් වෙත ලැබී නොමැති බව පවසන සුසන්ත ලියනාරච්චි මහතා පසුගිය කාලයේ සිදුකළ ඉදිකිරීම් ක්ෂේත්‍රවල ව්‍යාපෘතිවලට අදාළව ප්‍රමාද බිල්පත් සඳහා රුපියල් බිලියන 195ක පමණ මුදලක් ද රජයෙන් අයවීමට ඇති බව පෙන්වාදෙනවා.

ඉදිකිරීම්කරුවන් සහ රජය අතර තවත් සාකච්ඡාවක් එළඹෙන 21 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත අතර ඉදිරි අයවැය තුළින් සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?