Latestදේශීය

වැඩි මිළට බිත්තර අලෙවිකරන්නන් සොයා වැටලීම්

පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීමක් සිදුකළ අතර එහිදී වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් කිහිපදෙනෙකු අධිකරණ හමුවට ඉදිරිපත් කරීමට පියවර ගෙන තිබුණා.

රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති බවත් බිත්තර හිඟයක් මවා පෙන්වීමේ අරමුණින් විවිධ පුද්ගලයින් බිත්තර තොග සැඟවීමට කටයුතු කරන අතර එම පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ අතර පවතින වෙළෙඳපොළ තත්වය හමුවේ රජයේ පාලන මිලට යටත්ව බිත්තර අලෙවි කිරීමට හැකියාවක් නොමැතිබවද රුපියල් 55ක මිලක් ලබා දෙන්නේනම් වෙළෙඳපළේ පවතින බිත්තර හිඟය මගහැරෙනු ඇති බවද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කරනවා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ බිත්තර මිල ඉහළ දැමීමට රජය කිසිසේත්ම අවසර ලබා නොදෙන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?