Latestදේශීය

අභියෝගාත්මක අයවැයක් – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ඉතිහාසයේ වසර 74කට පසුව ඉදිරිපත් කළ අභියෝගාත්මකම අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති බවත් දීර්ගකාලීන වැඩපිළිවෙළක් සහිතව මෙම අයවැය ඉදිරිපත් කර  තිබෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අයවැය කතාව (2023) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අයවැය කතාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 රටට සංචාරකයන් පැමිණීම වළකන්නේ නැතිව නිසි ක්‍රමවේදයකට ඉදිරියට ගියහොත් මේ අභියෝගය ජය ගත හැකියි. අවුරුද්දක්, මාස 6ක් වත් ශ්‍රී ලංකාවට හුස්ම ගන්න ඉඩදිය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *