Latestදේශීය

‌බේරුවල 80 වියැති වියපත් මවක් ලිංගික හිංසනයට ගොදුරු වෙයි

බේරුවල පොලිස් වසමට අයත් අලුත්හේන මාගල්කන්ද ප්‍රදේශයේ තනිවම දිවි ගෙවන 80 හැවිරිදි වයෝවෘද්ධ මවකගේ නිවසේ දොර කඩා රාත්‍රියේ ඇතුළු වී ඇයට තර්ජනය කර පහරදී බිය වද්දා දුෂණය කළ බව කියන සැකකාර 38 හැවිරිදි අයෙකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු විවාහකයෙකු වන අතර වයෝවෘද්ධ වින්දිත කාන්තාව පදිංචි ප්‍රදේශයේම පදිංචිකාරියෙකි.

දෛනික කුලී කම්කරුවෙකු වන මොහු පෙරදින රාත්‍රියේ එම වයෝවෘද්ධ කාන්තා පදිංචි නිවසට බලහත්කාරයෙන් දොර කඩා ඇතුළු වී එම කාන්තාවට බලහත්කාරයෙන් අලිංගිකව එක් වී පසුව පහරදී ඇගේ දත් දෙකකට ත් හානි සිදුකර ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය කියයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ප්‍රදේශවාසීයෙකු ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව වහාම පොලිසිය එහි ගොස් හිංසනයට පත් ව සිටි වයෝවෘද්ධ කාන්තාවව පොලිස් කාන්තා නිලධාරිනියන් භාරයට ගෙන කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *