හිරුණිකා ඇතුළු පිරිසට ඇප
විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස ඇප මත මුදා හැර තිබේ.
සැකකරුවන් අද (නොවැ. 15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 50 ශරීර ඇප 1 බැගින් නියම කර මුදා හැර ඇත.
එමෙන් ම, රු. 10,000 මුදල් ඇප හා සෑම මසක ම අවසන් ඉරිදා කුරුඳුවත්ත පොලිසිය වෙත වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු එලෙස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබිණි.
ඊයේ පැවති විරෝධතාවක් අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
කාන්තා අයිතීන් වෙනුවෙන් එම පැවති විරෝධතා පා ගමන මල්පාර දෙසට ගමන් කර ඇති අතර එහිදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
එම විරෝධතාව අතරතුර කාන්තාවක අත්අඩංගුවට ගැනීමේදී ඊට විරෝධය පා ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා විය.
මව්බිම
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

