රජිව් ගාන්ධි ඝාතනයේ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා දිවයිනට ?
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයන් හතර දෙනා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නිදහස් කරනු ලැබුවා.
එම ශ්‍රී ලාංකිකයින් හතර දෙනා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
රොබට් පායාස්,එස් ජයකුමාර්,මුරුගන් (ශ්‍රීහරන්),සාන්තන් (ටී සුතේන්‍රාරාජා) යන ශ්‍රී ලාංකිකයින් හතර දෙනා බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු වහාම පිටුවල් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
තිරුචිහි විශේෂ කඳවුරක ඔවුන් සිව් දෙනා මේ වන විට රඳවා තිබෙනවා.
ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පෙර අවශ්‍ය නීතිමය ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමට අවශ්‍ය බවත් ඔවුන් පිටුවහල් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් මේ වන විට නියම කර නොමැති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

