දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට තීරණය කර නැහැ – ශෙහාන් සේමසිංහ
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ අද(17) විදේශීය ද්විපාර්ශවික සහ වාණිජ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යහුගත කිරීමට අදාළව පමණක් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්ය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ, රාජ්‍ය බැංකු සහ දේශීය මූල්‍ය ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් දේශීය ණය ක්ෂේත්‍රය ප්‍රතිව්‍යහගත කිරීමට රජය අවධානය යොමු කර නොමැති බවයි.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෑතදී ප්‍රකාශයට පත් කරන ලද පුවත් සඳහා කිසිදු පදනමක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

