ධනුෂ්කට ඇප, ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම්
ඕස්ට්‍රේලියාවේ රැදවුම් භාරයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත නිදහස් කිරීමට එරට සිඩ්නි මධ්‍යම අධිකරණය නියෝග කර තිබේ.
ඇප මත නිදහස් කලද ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ඕස්ට්‍රේලියානු බලධාරීන් රදවාගෙන ඇත.
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට එරටට ගිය අතරතුර දී කාන්තාවට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔහු රටින් පිටවීම වළක්වා රැදවුම් භාරයට පත් කිරීමට අධිකරණය තීරණය කර තිබින.
අද දිනයේ ඔහුට ඇප ලබා දී ඇත්තේ දෙවන ඇප ඉල්ලීම සලකා බලමිනි.
ඔහු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත්තේ ඩොලර් එක්ලක්ෂ පනස් දහසක ඇප මුදලකටයි.
ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියට සහභාගි වී ලබාගත් ජයග්‍රහණ අනුව ඔවුන්ට ලැබෙන සමස්ත තෑගි මුදල් රුපියල් කෝටි අටකට මඳක් වැඩිය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

