ධීවර රැකියාවේ නිරත පිරිස් වෙනුවෙන් රක්ෂණාවරණයක්
ධීවර රැකියාවේ නිරත පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එක්ව නව ධීවර රක්ෂණාවරණයක් ලබාදීමටත්, කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීමටත්, ලංකා බැංකුව සමඟ එක්ව ධීවර දරුවන් වෙනුවෙන් ඉතුරුම් ගිණුම් ලබාදීමටත් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කටයුතු සූදානම් කර ඇත.
එළැඹෙන නොවැම්බර් 21දිනට යෙදෙන ලෝක ධීවර දිනයට සමගාමීව මෙම කටයුතු සිදුකර ඇති බව ධීවර අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දෙයි. එදිනට නව ධීවර ප්‍රතිපත්තියක් සඳහා කථිකාවක් ආරම්භකිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් සඳහා මුදල් ආධාර ලබාදීම යන කටයුතු සිදුවීමට නියමිතව ඇත.
එමෙන්ම විශිෂ්ට අධ්‍යපන ප්‍රතිඵල ලබාගත් ධිවර දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමටද කටයුතු සූදානම් කර ඇත.
මීට අමතරව එළැඹෙන 21 වැනිදාට යෙදෙන ලෝක ධීවර දිනය වෙනුවෙන් නොවැම්බර් 17 වැනිදා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ධීවර රැකියාවේ නිරත පිරිස් වෙනුවෙන් නව තාක්ෂණය හඳුන්වා දීමේ සහ ධීවර ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සම්බන්ධ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සූදානම් කර ඇත.
එමෙන්ම නොවැම්බර් 18 දා ධීවර ප්‍රජාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ ධීවර කාන්තාවන් වෙනුවෙන් ඉතුරුම් පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සූදානම් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

