මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට
මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මේ වන විට මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා මතු වී ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න පවසයි.
මේ හේතුවෙන් කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි ද්විත්ව මාර්ගය තනි මාර්ගයක් ලෙස ධාවන කටයුතු සිදු වීමෙන් මුහුදුබඩ මාර්ගයේ මෙන් ම මුහුදුබඩ මාර්ගයේ සිට ප්‍රධාන මර්ගයේ සහ පුත්තලම් මාර්ගයේ ධාවනය වන දුම්රියන්ට ප්‍රමාද වීමේ හැකියාවක් ඇත.
වැල්ලවත්ත හා කොළඹ කොටුව අතර පහල මාර්ගය තාවකාලික වසා දැමීම නිසා අද දින සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර 10ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.
මාර්ගය යළි සකස් කිරීමට දින කිහිපයක් ගත වන අතර ඒ දක්වා කාලය තුළ වැල්ලවත්ත හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාද වීමක් සිදු වනු ඇත.
මව්බිම
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

