Latestදේශීය

වසන්ත, සිරිධම්ම හිමි රදවාගැනීම ව්‍යවස්ථානුකූල නැහැ – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින  අන්ත්‍තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත  මුදලිගේ සහ  ගලවැව සිරිධම්ම  හිමියන් ගේ   රඳවා ගැනීම  තවදුරටත්  දීර්ඝ කරන්නේ නම් එය අසාධාරණ සහ ව්‍යවස්ථානුකූල නොවන බවත්  එය  ජාත්‍යන්තර වශ‍ෙයන් රටට අයහපත්  ප්‍රතිඵල ගෙනදිය  හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

ඔවුන් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග තවදුරටත්  දික්කිරිම  නොකරනු  ඇතැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අපේක්ෂා කරන බවද එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වසන්ත මුදලිකේ සහ ගල්වැව සිරිධම්ම හිමි යන අය ත්‍රස්තවාදය වැළැක්වීකම් පනත යටතේ රඳවාගැනීමේ  නියෝග තවදුරටත් දීරඝ කිරිම   සාධාරණ නොවන බව ට ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ඉකුත්  ඔක්තෝම්බර් මස 29:දින  ජනාධිපතිවරයා වෙතද දැනුම් දුන් බවට ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.

(ඉන්දිකා  රාමනායක)

ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?