Latestදේශීය

කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා

වසර ගනණාවක් පුරා පවතින දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පවතින  පුරප්පාඩු හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය යථාපරිදි පවත්වාගෙන යාමට ගැටළු මතුව ඇතිබව බව දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් පවසනවා.

ඉදිරියේදී දුම්රිය සේවය කාර්යක්ෂමව පවත්වා ගැනීමට නම් සමස්ත කාර්යය මණ්ඩලය 21,000 කට ආසන්න සංඛ්‍යාවක්  අවශ්‍ය වන බවත් දැනට සේවය කරනු ලබන්නේ 13,000ක සේවක සංඛ්‍යාවක් බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

අලුතින් සේවකයන් සේවකයින් බඳවා ගැනීම මීට වසර කිහිපයකට පෙර අයදුම්පත් කැඳවා තිබුණ ද එම බඳවා ගැනීම් මේවන තෙක් සිදුකර නොමැත.

මෙවැනි තත්වයක් තුළදීත් මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් පසුව සේවකයින් විශාල පිරිසක් විශ්‍රාම ගැන්වීමට නියමිතව ඇති අතර  දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධන ලේකම් කසුන් චාමර මහතා පවසන්නේ දී දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බවක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම දුම්රිය සංඥාකරුවන්ගේ හිඟයක්ද පවතින අතර ඉදිරියේ රඹුක්කන දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයින් 5 දෙනාගෙන් තිදෙනෙකු දෙසැම්බර් මස 31 වනදායින් පසු විශ්‍රාමයාම යාමටටද නියමිතව ඇත. කසුන් චාමර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේ දි රඹුක්කනින් ඉහළ, දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් මතුවන බවයි.

රාජ්‍ය සේවකයින් බඳවාගැනීම අත්හිටුවීමට ගත් තීරණය හේතුවෙන් පසුගිය කාලසීමාව පුරා මෙවැනි අර්බුදකාරී තත්ත්වයන්ට රැසකට මුහුණ දීමට සිදුවූ අතර මේ වන විට අවශ්‍ය සේවකයින් පමණක් බඳවාගැනීමට පියවර ගනිමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එස්. ඩී. ගුණසිංහ මහතා පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?