දෙසැම්බර් සිට ඉන්ධන මිල වෙන්සක් – කංචන විජේසේකර
එළඹෙන මාසයේ සිට ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදු කිරීමට සැළසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශකර තිබේ.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් ඇත.
ඒ අනුව නව යෝජනාව හෙට (21) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.
ඉදිරියේදී ඉන්ධන කෝටාවෙන් බැහැරව සාමාන්‍ය පරිදි ඉන්ධන නිකුත් කිරීමෙන් පසු,දෛනිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

