කටුගස්තොටට ජල කප්පාදුවක්
ලබන බ්‍රහස්පතින්දා (24) දින කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට පැය හයක කාලයකට සීමා වන පරිදි ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
කටුගස්තොට විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ.
ඒ අනුව කහවත්ත ,
තෙලඹුගහවත්ත,
කුරුගොඩ යන ජලාශ වලින් ආවරණය වන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ඒ අනුව එදින පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

