Latestක්‍රීඩාවිදේශීය

පාපන්දු ලෝක කුසලානයේදී ඉරාන ක්‍රීඩකයින් ජාතික ගීය ගැයීමෙන් වලකී

ඊයේ එංගලන්තය සහ ඉරානය අතර පැවති ලෝක කුසලාන පාපන්දු තරගයට ප්‍රථම ඉරාන කණ්ඩායම තම මව් රටේ, රාජ්‍ය විරෝධී විරෝධතා සඳහා කරන සහය දැක්වීමක්‍ යයි පැහැදිලිව අර්තගැන්විය හැකි නිහඬ විරෝදතාවයක නිරතවුණා.

තරඟයට පෙර පැවැත්වෙන ජාතික ගී ගායනයේදී ඉරාන කණ්ඩායම ඔවුන්ගේ ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කළා.

ගීය අතරතුර සමහර රසිකයින් කෑගසා විහිළු කළ අතර තවත් සමහරු “කාන්තාව, ජීවිතය, නිදහස” යනුවෙන් පුවරු ඔසවාගෙන සිටියා.

මෙම සිදුවීම අතරතුර ඉරාන රාජ්‍ය රූපවාහිනිය සිය සජීවී ක්‍රීඩා විකාශයේදි ජාතික ගීය ගායනය ආවරණය කිරීම කපා හැර ක්‍රීඩාංගනයේ කලින් පෙන්වූ පුළුල් දර්ශනයකට මාරුවූ බවයි bbc පුවත් සේවය අද වාර්තා කළේ.

ඉරානය තුළ පසුගිය මාස කිහිපය තුල නැගී ආ මහජන විරෝධතා දරුණු මර්දනයකට මුහුණ දී තිබෙනවා.

හිස් ආවරණ සම්බන්ධයෙන් දැඩි නීති රීති කඩ කළ බවට චෝදනා කරමින් ඔවුන්ගේ ‘සදාචාර’ පොලිසිය විසින් රඳවා ගනු ලැබූ 22 හැවිරිදි මහ්සා අමිනී නමැති කාන්තාව සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවේ සිටියදී මිය යාමත් සමග මෙම විරෝධතා මහත්සේ පැනනැගුණා.

මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ ඉරාන ආරක්ෂක අංශ විසින් දියත් කරන ලද මර්දනය හේතුවෙන් විරෝධතාකරුවන් 400කට වැඩි පිරිසක් මියගොස් තවත් 16,800ක් අත්අඩංගුවට ලක්වී ඇති බවයි. කෙසේවෙතත් ඉරාන නායකයින් පවසන්නේ මෙම විරෝධතා රටේ විදේශීය සතුරන් විසින් සංවිධානය කරන ලද “කැරලි” බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?