Latestදේශීය

ඕමානයේ මිනිස් ජාවාරමේ නිළධාරියා ගැන කළින්ම පැමිණිලි ලැබිලා

ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී කරුණු විමසා තිබේ.

ඒ, ඊයේ (22) රාත්‍රී එම කමිටුව රැස් වූ අවස්ථාවේදීයි.  

එහිදී හෙළි වූයේ, මෙම ජාවාරමට සම්බන්ධ බව කියන නිලධාරියා පිළිබඳව විදේශ රැකියා නියුක්ති කාර්යංශයට පෙබරවාරි මාසයේ දී පැමිණිලි ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

මේ අතර සංචාරක වීසා මත මෙරට කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් මිනිස් ජාවාරමේ යෙදවීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

News 1st


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *