ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් හැරයයි
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වහාම ක්‍රියාත්මක වන පරිදි මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැර යාමට තීරණය කරඇති බව වාර්තාවනවා.
පෘතුගාලය නියෝජනය කරමින් පාපන්දු ලෝක ශූරතාවයට සහභාගිවෙමින් සිටින රොනාල්ඩෝ පසුගියදා විශාල ආන්දෝලනයකට ලක්වූ විද්‍යුත් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී එංගලන්ත ප්‍රමුඛපෙල ලීගයේ සිය ක්‍රීඩා සමාජයවූ මැන්චෙස්ටර් යුනයිටඩ් කලමණාකාරිත්වය දැඩිලෙස විවේචනය කර තිබුණා.
ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැරයන බවට ප්‍රකාශ කරන්නේ ඉන්පසුවයි.
ඔහු ප්‍රකාශ කර තිබුනේ මැන්චෙස්ටර් යුනයිටඩ් කළමණාකරු එරික් ටෙන් හැග් වෙත ඔහුගේ කිසි “ගෞරවයක් නැති” බවයි.
රොනාල්ඩෝ සහ මැන්චෙස්ටර් යුනයිටඩ් යන දෙපාර්ශවයම ප්‍රකාශ කරන්නේ ඔහුගේ ඉවත්වීම “අන්‍යෝන්‍ය එකඟතාවය” මත සිදුවන බවයි. සතියකට පවුම් 500,000.00 ක කොන්ත්‍රාත්තුවකට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩයමට ක්‍රීඩාකල රොනාල්ඩෝ එම ක්‍රීඩා සමජය වෙනුවෙන් තරග 346ක් ක්‍රීඩාකොට ගෝල 145ක් වාර්තා කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

