Latestක්‍රීඩාදේශීය

ක්‍රීඩක ගිවිසුමේ වගන්ති කඩකළාට චාමිකට දඩ

පසුගියදා නිමාවට පත් වූ ICC T20 ලෝක කුසලාන තරඟාවලියේදී ක්‍රීඩක ගිවිසුමේ වගන්ති කිහිපයක් කඩකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න හට ඇමෙරිකානු ඩොලර් 5000.00 දඩයක් සහ අත්හිටුවන ලද තරග තහනමක් පැනවූබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.

ලෝක කුසලාන තරඟාවලියේදී චාමික කරුණාරත්න විසින් සිදු කළ බවට එල්ල වන ක්‍රීඩක ගිවිසුමේ වගන්ති කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් විනය පරීක්ෂණයක් සිදු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා.

ක්‍රිකට් ආයතන නිවේදනයට අනුව ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ලටම වරදකරු බව ඔහු පිළිගෙන තිබෙනවා. පරීක්‍ෂණ මණ්ඩලයේ නිර්දේශ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුව විසින් චාමික කරුණාරත්න හට අත් හිටුවන ලද වසරක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 5,000.00ක දඩයක් ද නියම කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *