තිළිණිගේ සැමියාට මැගසින් බන්ධනාගාරයේ විශේෂ පහසුකම්
බිලියන ගණනක මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ සැමියා යයි කියන ඉසුරු බණ්ඩාර නමැත්තාට බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ විශේෂ පහසුකම් සලකා ඇතැයි වාර්තා වෙයි.
ඔහුට අමුත්තන් මුණගැසීම සඳහා මැගසින් බන්ධනාගාරයේ කාර්යාලයක ඉඩ පහසුකම් සලසා ඇති බවද ආරංචි මාර්ග කියා සිටියි.
අමුත්තන් පැමිණෙන අවස්ථාවන්වලදී බන්ධනාගාර නිලධාරීන් පැමිණ ඉසුරු බණ්ඩාර එම කාර්යාලයට රැගෙන යන බව ද රැදවියෝ කියා සිටිති.
එසේ රැගෙන ඔහු එතැන් සිට මුළු දවසම ගත කරන්නේ බන්ධනාගාර නිලධාරී කාර්යාලය කාමරයක බවද පැවසෙයි.
ඇතැම් අවස්ථාවල ඔහු දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල දුරකථනවලින් ඇමතුම් ලබා ගන්නා බවද සඳහන්ය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

