Latestදේශීය

මේක ණය ගෙවා ගන්න බැරුව හදපු අයවැයක් – හරීන් ප්‍රනාන්දු

ආර්ථික අර්බුදයෙන් මිදීම,වේගවත් සංවර්ධනයකට අවශ්‍ය පදනම සකස් කිරීම සහ සුභ සාධනය තුළින් ආර්ථික ක්‍රියාවලියෙන් මගහැරුණු පද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට සහන සැලසීම යන සෑම ක්ෂේත්‍රයක්ම මෙවර අයවැයෙන් ආවරණය වන බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ අවසන් දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

විපක්ෂය හැටියට හැකිනම් විකල්ප අයවැයක් ගෙන ඉදිරිපත් කරන්නැයිද සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විපක්ෂයට අභියෝග කළේය.

මෙවර අයවැය මුදල් ඇතිව සෑදූ අයවැයක් නොව ණය ගෙවා ගන්න බැරිව හදපු අයවැයක් බවත් මෙවර අයවැයේ ප්‍රධාන කරුණු 03ක් සඳහන් වෙනවා.

පසුගියදා සුඛෝපභෝගී වයිකිංමාස් නෞකාව විශාල විදේශිකයින් පිරිසක් රැගෙන කොළඹට ආවා. අපි එම සංචාරකයින් ත්‍රී විල් මගින් කොළඹ වටේ ගෙන ගියා. එහෙත් ඇතැම් පිරිස් අරගලය කියමින් කොළඹ පාරවල් වටකරගත්තා.ඇතැම් පුද්ගලයින්ට රට ගැනවත් රටේ සිටින අනාගත පරපුර ගැනවත් කිසිදු තැකීමක් නැහැ යැයි ද අමාත්‍යවරයා පැවසීය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *