ලංසාට පහර දීමට තැත්කළ බවට චමින්ද විජේසිරිට චෝදනා
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහරදීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසු සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට සභා ගර්භයෙන් වහාම ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පෙරවරුවේ දැනුම් දුන්නේය.
සභාවේ අද දිනයේ කටයුතුවලට විජේසිරි මන්ත්‍රීවරයා සහභාගී කර නොගන්නා බවද කතානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.
මේ අනුව විජේසිරි මන්ත්‍රීවරයා සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.
මේ සිද්ධිය ඇති වූයේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා කතා කරමින් සිටියදීය.

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

