Latestවිදේශීය

වසර 30ක් ආරක්ෂාවූ කළලවලින් සාර්ථක නිවුන් දරු උපතක්

මීට වසර 30 කට පෙර ශීත කළ කළල වලින් නිවුන් දරුවන් දෙදෙනෙකු එක්සත් ජනපදයේ ටෙනසි ​​​​ප්‍රාන්තයේ උපත ලබා ඇතිබව වාර්තාවනවා. එය සාර්ථක සජීවී උපතක් සඳහා මෙතෙක් පැවති දීර්ඝතම ශීත කළ කළල සඳහා වන වාර්තාවක් බවට විශ්වාස කෙරෙනවා.

ඒවා 1992 අප්‍රේල් 22 වන දින ද්‍රව නයිට්‍රජන් වල සෙල්සියස් අංශක 128 ක උශ්ණත්වයක ගබඩා කර තබා තිබෙනවා. ඔරිගන් හි සිව්දරු මවක් වන රේචල් රිජ්වේ විසින් ඔක්තෝබර් 31 දින මෙම නිවුන් දරුවන් බිහි කර ඇති අතර ඔවුන්ගේ පියා වන පිලිප් රිජ්වේ පවසා ඇත්තේ එය විශ්මය ජනක සිදුවීමක් බවයි.

ලිඩියා ඈන් සහ තිමෝති රොනල්ඩ් රිජ්වේ වන මෙම දරුවන් දෙදෙනා නව වාර්තාවක් පිහිටුවීමට ඉඩ ඇති බව එරට ජාතික කළල පරිත්‍යාග මධ්‍යස්ථානය (NEDC)සඳහන් කරනවා. මින් පෙර 2020 දී උපත ලැබූ දරුවකු වසර 27කට ආසන්න කාලයක් ශීත කළ කලලයකින් උපත ලබා තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *