වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (22) දිනයේදී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා .
ඒ තමන් විසින් සිදු කළ ප්‍රකාශයකින් අනතුරුව සෞඛ්‍ය බලධාරීන් වැඩ තහනම් කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙනුයි.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ ළමා මන්දපෝෂණය පවතින බවට තමා ඉදිරිපත් කළ ප්‍රකාශය වෙනුවෙන් මෙම වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කිරීම හේතුවෙන් රුපියල් මිලියන 10 ක වන්දියක් අයකර දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මගින්, චමල් සංජීව මහතා ඉල්ලා ඇති බව ද සදහන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

