Latestදේශීය

ලංසාට පහර දීමට තැත්කළ බවට චමින්ද විජේසිරිට චෝදනා

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා මහතාට පහරදීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසු  සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට  සභා ගර්භයෙන් වහාම ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  අද (23) පෙරවරුවේ දැනුම් දුන්නේය.

සභාවේ අද දිනයේ කටයුතුවලට  විජේසිරි මන්ත්‍රීවරයා සහභාගී කර නොගන්නා බවද  කතානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

මේ අනුව විජේසිරි මන්ත්‍රීවරයා සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.

මේ සිද්ධිය ඇති වූයේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා කතා කරමින්  සිටියදීය.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?