Latestදේශීය

ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සමාන වෛරසයක් පැතිරයයි

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සමාන රෝග ලක්ෂණ සහිත වෛරසයක් රෝගයක් පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ දිනවල පැතිරයන මෙම වෛරසයේ කොවිඩ් රෝගයට සාපේක්ෂව සංකූලතා ඇති වීම අවම බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ.

මෙහි රෝග ලක්ෂණ ලෙස සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ ඇතිවිය  හැකි අතර මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක් ද පවතිනවා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා තවදුරටත් සඳහන් කළේ මෙම රෝගයෙන් වැලකීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වන අතර කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වූ  ආකාරයටම මුව ආවරණ පැළඳීම හා අත් නිතර පිරිසිදු කරගැනීම වැනි ක්‍රමවේද හරහා මේ රෝගය අවම කර ගැනීමට ක්‍රියාකිරීම ඉතා වැදගත් වන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *