Latestදේශීයමතවාද

සාරිය

සාරියක් කියන්නෙ හුඟක් දිග රෙද්දක්

ඒකට පංචස්කන්දයක් වගේම මලමිනියක් වුනත් ඔතන්න පුලුවන්

ඒවගේම මෙලෝ සංවර්ධන උපාය මාර්ගයක් නැති ගොබ්බ අයවැයක් වුනත් ලේසියෙන්ම ඔතන්න පුලුවන්

දරාගන්න බැරි තරමට ඉහල ගියපු ජීවන වියදම, බස්ගාස්තු පාසල් උපකරණ මේ ඔක්කොම උඩරට නැත්නම් පහත රට ක්‍රමේට ඔතලා දැම්මෑකී

ඕන කරන්නෙ සුලු දෙයයි

ආංඩුවේ ලූස් මෝශන් ලෙවකන සීමන්නෙරියන් වර්ගයෙ සුනකයෙක් ලව්වා බුරවන එක විතරයි

කට්ටියම ඒ පස්සෙ දුවනවා

තාම බහුතරයක් සාරී අඳින අය රස්සවක් කරන්න තියෙන එකම මෝටිවේශන් එක ඔය කෙහෙල්මල ඇඳගෙන එනකොට මගතොටේ ඉන්න අය ආ මිස් කියලා පොඩ්ඩක් රෙස්පෙක්ට් කරන එක විතරයි.

මේ රටේ ඉන්න බහුතරයක් එවුන්ට ඇතුලේ මොකා හිටියත් වැඩක් නෑ

ඔතල තියෙන වහන්තරාව විතරයි වැදගත්

ඕක හරියටම දන්න දේසපාලුවො දැංකරන්නෙ පට්ටම මානසික මෙහෙයුමක්

බොහෝවිට ලබන චන්දෙට කලඑලි බහින්න පුලුවන්

ගුරුවරියන්ට සාරි ඇඳීමේ අයිතිය අපි සහතික කරනවා වගේ එකක් කියාගෙන

පරිස්සමින්

චෝපාදිත්‍ය එදිරිසිංහ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *