Latestක්‍රීඩාදේශීය

පරාජයත් සමග ලෝක කුසලාන සුපිරි වටයට යාම ශ්‍රී ලංකාවට තවදුරටත් අසීරුවෙයි

ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති ප්‍රථ්ම එක්දින ජාත්‍යන්තර තරගය ලකුණු 60කින් පරාජයවීමත් සමග ශ්‍රී ලංකාවට ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා ස්වයංක්‍රීයව සුදුසුකම් (automatic qualification) ලැබීමේ අවස්ථාව මගහැරීයාමට බොහෝ දුරට ඉඩතිබෙනවා.

ස්වයංක්‍රීයව සුදුසුකම ලැබීමටනම් පලමු කණ්ඩායම් අට අතරට පිවිසිය යුතු අතර මෙම පරාජයත් සමග 10වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට පලමු අටදෙනා අතරට පැමිණීම තවදුරටත් අපහසු වනු ඇති. දැනට ලකුණු 62ක් පමණක් ලබාසිටින ශ්‍රී ලංකාවට මෙම ශ්‍රේණීගතකිරීම්වල ඉහලට යාම සඳහා ඉදිරියට ඇත්තේ තරග පහක් පමණයි. මේ අතින බලනවිට මෙම කණ්ඩායම් දෙක අතරින් සුපිරි වටයට යාම සඳහා මේවනවිට වැඩිවාසි ඇත්තේ ඇෆ්ගනිස්ථානයටයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?